“මම සම්පූර්ණයෙන් සුවය ලබා සිටිනවා” : දසුන් ශානක

Date:

තමා මේ වන විට කොවිඩ් 19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා සිටින බව ශ්‍රී ලංකා 20යි 20 හා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.

ඒ අනුව තවත් දින දෙකකින් පමණ තමාට දෛනික වැඩ කටුයුතු සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බව දසුන් ශානක කියා සිටියා.

එමෙන්ම ඉදිරියේ දී පුහුණුවීම් කටයුතු ද ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා නායකයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනේ සදහන්ව ඇත්තේ.

ඒ අනුව ඇතැම් විට එළඹෙන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමි වනු ඇති.

සිම්බාබ්වේ තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එළඹෙන 7 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...