මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

වසර 18ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට ඔහු සමු දුන් නමුත්, ඉදිරියටත් ඔහු 20යි 20 ලීග් තරග (T20 franchise cricket) සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව 2003 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් මොහොමඩ් හෆීස් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වන්නේ පසුගිය නොවැම්බර් මාසයේ දී නිමා වූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහි අවසන් පූර්ව තරගයයි.

ඔහු ජාත්‍යන්තර පිටියේ දී ටෙස්ට් තරග 55ක්, එක්දින තරග 218 ක් හා 20යි 20 ජාත්‍යන්තර තරග 119 ක් ක්‍රීඩා කළ අතර, එහිදී තරග රටා ත්‍රිත්වයේ දී ම රැස් කළ ලකුණු සංඛ්‍යාව 12,780 ක්.

මීට පෙර 2018 වසරේ දෙසැම්බර් මාසයේ දී මොහොමඩ් හෆීස් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට පියවර ගත්තා.

පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති ඔහු 2012 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පාකිස්තානය රැගෙන යාමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...