බංග්ලාදේශය පළමු ටෙස්ට් තරගයේ පෙරමුණ ගනියි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මවුන්ට් මංගනුයිහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(3) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව තවදුරටත් බංග්ලාදේශය වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 401ක් ලබා සිටියා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට වඩා ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 73ක්.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2ක් දැවී ලකුණු 175ක් රැස් කර ගෙන සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 78කට දැවී ගියා.

නායක මොමිනුල් හක් ලකුණු 88ක් ද, ලිටොන් ඩාස් ලකුණු 86ක් ද ලබා ගනිමින් බංග්ලාදේශ ඉනිම තවදුරටත් ශක්තිමත් කළා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 12කට දැවී ගිය අතර, නජ්මුල් හුසේන් ශන්ටෝ ලකුණු 64ක් ඊයේ ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා නෙයිල් වෑග්නර් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...