කෝලිට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි ; නායකත්වය රාහුල්ට

Date:

දකුණු අප්‍රිකාව සමග අද(3) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය නායක විරාට් කෝලිට අහිමි වී තිබෙනවා.

පිට කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙනුයි ඔහුට මෙම තරගය අහිමි වී ඇත්තේ.

ඒ අනුව උප නායක කේ.එල් රාහුල් දෙවැනි ටෙස්ට් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ජොහැනස්බර්ග්හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

හනුමා විහාරි මෙම තරගයේ දී විරාට් කෝලි වෙනුවට ඉන්දීය කණ්ඩායමට කැදවා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...