වසරේ ක්‍රික්ඉන්ෆෝ කණ්ඩායම් සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක්

Date:

2021 වසරට අදාළ ටෙස්ට්, එක්දින හා 20යි 20 ලෝක කණ්ඩායම් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබෙනවා.

ක්‍රික්ඉන්ෆෝ කාර්යය මණ්ඩලය විසින් තෝරා ගෙන ඇති මෙම කණ්ඩායම් සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ටෙස්ට් කණ්ඩායම සදහා ශ්‍රී ලංකාවෙන් නම් කර ඇත්තේ නායක දිමුත් කරුණාරත්නයි.

එක්දින කණ්ඩායම සදහා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළත් කර තිබෙනවා.

වසරේ 20යි 20 කණ්ඩායම සදහා ද වනිදු හසරංග ඇතුළත්.

ලෝක ටෙස්ට් ශූරතාවය දිනූ නවසීලන්ත කණ්ඩායමෙන් ලෝක ටෙස්ට් කණ්ඩායම සදහා ඇතුළත් කර ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක ක්යිල් ජමීසන් පමණයි.

ක්‍රික්ඉන්ෆෝ නම් කළ වසරේ ටෙස්ට් කණ්ඩායම –

රෝහිට් ෂර්මා, දිමුත් කරුණාරත්න, මර්නස් ලබුෂේන්, ජෝ රූට් (නායක), ෆවඩ් අලාම්, රිෂාබ් පාන්ට්, ආර්. අශ්වින්, ක්යිල් ජමීසන්, හසන් අලී, ඔලී රොබින්සන්, ශහීන් ශාහ් අෆ්රිඩි

ක්‍රික්ඉන්ෆෝ නම් කළ වසරේ එක්දින කණ්ඩායම –

පෝල් ස්ටර්ලින්ග්, ෆකාර් සමාන්, බබාර් අසාම්(නායක), රසී වැන් ඩර් ඩුසේන්, ශකිබ් අල් හසාන්, මුෂ්ෆිකර් රහීම්, වනිදු හසරංග, සිමි සිං, ජොෂ් ලිට්ල්, දුෂ්මන්ත චමීර, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්

ක්‍රික්ඉන්ෆෝ නම් කළ වසරේ 20යි 20 කණ්ඩායම –

බබාර් අසාම්(නායක), මොහොමඩ් රිස්වාන්, මොයීන් අලී, ග්ලේන් මැක්ස්වෙල්, ලියම් ලිවින්ග්ස්ටන්, ග්ලේන් පිලිප්ස්, වනිදු හසරංග, හර්ෂාල් පටෙල්, රෂීඩ් ඛාන්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්, ශහීන් ශාහ් අෆ්රිඩි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...