Watch : මංගල තරගයේ දී ම හස්නයින් යොමු කළ කඩුලු තුනේ සුපිරි නිලකුණු පන්දුවාරය

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හස්නයින් අද(2) ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් වරම් හිමි කර ගත්තා.

ඔහුගේ මංගල තරගයම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණේ හස්නයින් විසින් සිය පළමු පන්දුවාරයේ දී ම කඩුලු 3ක් දවා ගැනීමට සමත් වීම හේතුවෙන්.

එම පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙසයි සටහන් වුණේ.

මෙම තරගය පැවැත්වුණේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම හා ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිඩ්නි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇඩිලේඩ් කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණයි.

එහිදී සිඩ්නි කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ 21 හැවිරිදි මොහොමඩ් හස්නයින් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 20කට කඩුලු 3ක් බිද හෙලුවා.

කඩුලු 3ක් දවා ගත් ඔහුගේ පළමු පන්දුවාරයේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...