දකුණු අප්‍රිකා එක්දින සංචිතය නම් කෙරේ ; නොකියාට එක්දින තරගාවලියත් අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

පසුගිය සතියේ දී ටෙස්ට් වරම් දිනා ගනිමින් ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ මාර්කෝ ජන්සෙන් ද පළමු වරට එක්දින සංචිතයට කැදවා තිබෙනවා.

පසුගියදා ටෙස්ට් පිටියට සමු දුන් ක්වෙන්ටන් ඩී කොක් ද එක්දින සංචිතයට ඇතුළත්.

ඩ්වේයන් ප්‍රෙටෝරියස් සංචිතයට යළි කැදවා ඇතත්, ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වී ඇති වේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොකියාට එක්දින තරගාවලිය ද අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 19 වැනිදායි.

Squad:

Temba Bavuma (C), Keshav Maharaj (VC), Quinton de Kock, Zubayr Hamza, Marco Jansen, Janneman Malan, Sisanda Magala, Aiden Markram, David Miller, Lungi Ngidi, Wayne Parnell, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Kyle Verreynne

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...