වසීම් අක්‍රම්, රොෂාන් මහානාමගෙන් සමාව ගනියි

Date:

ක්‍රිකට් තරගයකදී ලෙදර් පන්දුව ඇගේ වදිනවා කියන්නේ ටිකක් වේදනාකාරී දෙයක්.

ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

සැහැල්ලු පන්දුවක් වදිනවා වගේ නෙවෙයි ලෙදර් පන්දුවක් වැදුණම දැනෙන වේදනාව.

ජාත්‍යන්තර තරගවල එවැනි සිදුවීම් ඕනෑ තරම් අප දැක තිබෙනවා.

විශේෂයෙන් වේග පන්දු යවන්නන්ගේ වේගය සහ දෝලනය පිතිකරුවන්ට හරි හැටි හදුනා ගැනීමට නොහැකි වීමෙන්  මෙවැනි අනතුරු සිදු වූ අයුරු ද අපට මතකයි.

පාකිස්තාන හිටපු ක්‍රීඩක වසීම් අක්‍රම් කියන්නේ ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨ වමත් වේග පන්දු යවන්නෙක්.

ඔහුගේ දෝලනය සහ වේගය හමුවේ අසරණ වූ පිතිකරුවන් ගණන මෙතෙකැයි කිව නොහැකියි.

පසුගියදා මේ සුපිරි වේග පන්දු යවනන්නා සිය ට්විටර් ගිණුමේ වීඩියෝවක් සමගින් අපූරු සටහනක් තබා තිබුණා.

1989 වසරේ පැවැති තරගයකදී ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රොෂාන් මහානාම පිතිකරණයේ නිරත වූ අවස්ථාවක වසීම් අක්‍රම් යැවූ පන්දු දෙකක් තමයි මේ වීඩියෝවේ ඇතුළත්ව තිබුණේ.

හැබැයි මේ වීඩියෝ දර්ශනය රොෂාන් මහානාමටනම් යළි යළිත් නැරඹිමට තියා ඒ අවස්ථාව සිහිපත් කිරීමටවත් අපහසු බවනම් නොරහසක්.

එය ඒ තරම්ම වේදනාකාරී මොහොතක් බවනම් සැක නැහැ.

වසීම් අක්‍රම් යැවූ පන්දු දෙකක් අඛණ්ඩව රොෂාන් මහානාමගේ ශරීරයේ එකම ස්ථානයේ දෙවරක් වැදීම තමයි මෙම වීඩියෝවේ ඇතුළත්ව ඇත්තේ.

පහත වීඩියෝව බලලම එහි වේදනාව ඔබම තේරුම් ගන්න.

හැබැයි මේ වීඩියෝවට වසීම් අක්‍රම් තැබූ සටහන තරමක් වෙනස්.

ඔහු එහිදී සදහන් කර ඇත්තේ “And Roshan went on to be a grandfather” යනුවෙන්.

වීඩියෝව සහ වසීම් අක්‍රම්ගේ අදහස් දැක් වීම බලලම ඔබත් එහි අර්ථය තේරුම් ගන්න.

මෙම පන්දු දෙක නිසා මහානාමට ඇති වූ වේදනාවට සමාව අයැදීමටත් වසීම් අක්‍රම් මෙම ට්විටර් සටහනේ දී අමතක කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...