“හැමෝම කිව්වා කෝලිට ඉවත් වෙන්න එපා කියලා” ; කෝලි හා BCCI මත ගැටුම උග්‍ර වෙයි

Date:

ඉන්දීය පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය ක්‍රිකට් බළධාරීන් (තේරීම් කමිටු හා ක්‍රිකට් ආයතන නිළධාරීන්) සියලු දෙනාම විරාට් කෝලිගෙන් ඉල්ලා සිටි බව එරට තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා පවසනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දීය එක්දින සංචිතය නම් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි ඔහු ඒ බව සදහන් කළේ.

මේ වන විට ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරමින් සිටින අතර, දකුණු අප්‍රිකා සංචාරය සදහා පිටත්ව යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී කෝලි කියා සිටියේ 20යි 20 නායකත්වයෙන් ඉවත් වීමේ තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට කිසිවෙකු තමාගෙන් ඉල්ලීමක් සිදු නොකළ බවයි.

එක්දින කණ්ඩායමේ ද නායකත්වයෙන් තමාව ඉවත් කරන බවට දැනුම් දුන්නේ ද දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් සංචිතයේ තේරීම් සිදු කිරීමට මිනිත්තු 90කට පෙර බව කෝලි එම මාධ්‍ය හමුවේ දී සදහන් කළා.

“රැස්වීම ආරම්භ කරන විට, සියලු දෙනාටම ඒක (කෝලිගේ ඉල්ලා අස්වීම) පුදුමයට කරුණක් වුණා. 20යි 20 ලෝක කුසලානය අභියසදී ඔබට මෙවැනි දෙයක් අහන්න ලැබුනොත්, ඔබේ ප්‍රතිචාරය මොකක් වේවිද? රැස්වීමේ හිටපු හැමෝම ඔහුට කීවා ඒ තීරණය ගැන ඔහු යළි සලකා බැලිය යුතුයි කියලා, වගේම ලෝක කුසලානයෙන් පසුව ඒ ගැන අපට සාකච්ඡා කළ හැකියි කියලා.” යනුවෙන් තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.

“සෑම තේරීම් නිළධාරියෙකුම හිතුවා මෙය ලෝක කුසලානයේ දී අපට බලපෑමක් එල්ල කරයි කියලා. ඒක කිව්වා විරාට් කෝලිට. ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් කරුණාකර නායකයා ලෙස රැදී සිටින්න කියලා කිව්වා. ඒක රැස්වීමේ හිටපු හැමෝම (ක්‍රිකට් ආයතනයේ (BCCI) සභාපති සෞරව් ගංගුලි හා ලේකම් ජයි ශාහ් ද ඇතුළුව) කිව්වා.”

“ඔහුට  (කෝලිට) ඔහුගේ සැලසුම් තිබුණා සහ අපි ඔහුට ගරු කරනවා”

මීට පෙර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි විසින් ද මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට තමා විරාට් කෝලිගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, ඊට පරස්පර විරෝධී ප්‍රකාශයක් කෝලි විසින් මාධ්‍ය වෙත සදහන් කිරීමත් සමග මේ සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වුණා.

20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර 20යි 20 නායකත්වයෙන් පමණක් ඉල්ලා අස්වීමට කෝලි තීරණය කළ නමුත්, පසුව ඉන්දීය තේරීම් කමිටුව පියවර ගත්තේ ඔහුව එක්දින නායකත්වයෙන් ද ඉවත් කිරීමටයි.

“සීමිත පන්දුවාර තරග සදහා එක් නායකයෙකු පමණක් නම් කිරීමයි තේරීම් කමිටුවේ තීරණය වුණේ. එය දුෂ්කර තීරණයක්, නමුත් තේරීම් කමිටුවට දැඩි තීරණ ගන්න සිදු වෙනවා.” යනුවෙන් තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...