වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නම් නිවේදනය කෙරේ

Date:

අයි.සී.සී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය සදහා වන නිර්දේශිත නම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(31) ප්‍රකාශයට පත් කළා.

එම නම් අතරට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයෙකු හා නවසීලන්ත ක්‍රීඩකයෙකුයි එම නිර්දේශිත නාම අතරට ඇතුළත් කර ඇත්තේ.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි හා කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන් අදාළ සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම මෙම වසර පුරා පිත්තෙන් සුවිශේෂී දක්ෂතාවයක් දැක් වූ එංගලන්ත නායක ජෝ රූට් ද නිර්දේශිත නාම අතරට අයත්.

ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය සදහා නිර්දේශ කර ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ නවසීලන්ත නායක කේන් විලියම්සන්.

  • Joe Root – England
    1855 runs | 18 international matches | average : 58.37 | 6 centuries
  • Shaheen Afridi – Pakistan
    78 wickets | 36 internationals | average : 22.20 | Best bowling figures of 6/51
  • Kane Williamson – New Zealand
    693 runs | 16 internationals | average : 43.31 | one century
  • Mohammad Rizwan – Pakistan
    1915 runs | 44 internationals | average 56.32 | 2 centuries | 56 dismissals

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...