පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 113ක ජයක්

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(30) සමත් වුණා.

සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 305ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191ක් පමණයි.

නායක ඩීන් එල්ගර් ලකුණු 77ක් රැස් කළ අතර, ටෙම්බා බවුමා නොදැවී ලකුණු 35යි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා හා මොහොමඩ් ෂාමි කඩුලු 3 බැගින් දවා ගත්තා.

මොහොමඩ් සිරාජ් හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 327ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලබා ගත්තේ ලකුණු 197ක් පමණයි.

අනතුරුව සිය දෙවැනි ඉනිම සදහා ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 174ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...