නැරඹීමටත් අපහසු බුම්රා මුහුණ දුන් පාදයේ ආබාධය

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද(28) දකුණු පාදයේ වළලුකර ප්‍රදේශයේ ආබාධයකට මුහුණ දුන්නා.

ඒ, දකුණු අප්‍රිකාව සමග සෙන්චූරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දී යි.

එහිදී දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී පන්දුවක් යොමු කළ අවස්ථාවේ දී බුම්රා මෙලෙස ආබාධයකට ලක් වුණා.

ඒ හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමටයි එම අවස්ථාවේ දී පියවර ගත්තේ.

ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම අධීක්ෂණය කරමින් සිටින බවත්, බුම්රා වෙනුවට ෂ්රෙයස් අයියර් පන්දු රැකීම සදහා තාවකාලිකව ආදේශ කළ බවත්, ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුව නිවේදනය කළා.

කෙසේ වෙතත්, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව මේ වන විට ජස්ප්‍රිට් බුම්රා ක්‍රීඩාංගයේ පන්දු රැකීම සදහා යළි එක්ව සිටිනු දක්නට ලැබෙනවා.

ආබාධයට ලක් වූ අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...