ලකුණු 55කට ඉන්දියාවේ අවසන් කඩුලු 7 දැවී යයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර සෙන්චූරියන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.(28)

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 272ක් රැස් කර ගෙන සිටි නමුත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327ක් පමණයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස කේ.එල් රාහුල් ලකුණු 123කට දැවී ගිය අතර, අජින්කෙයා රහානේ ලකුණු 48ක් රැස් කළා.

සෙසු පිතිකරුවන් අතරින් අද දිනයේ දී ලකුණු 10 සීමාව පසු කළේ ජස්ප්‍රිට් බුම්රා පමණයි. ඔහු ලකුණු 14කට දැවී ගියා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් මයාන්ක් අගාර්වල් ලකුණු 60ක් හා විරාට් කෝලි ලකුණු 35ක් ලබා ගත්තා.

ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 7 දැවී ගියේ ලකුණු 55ක් තුළ වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 6ක් හා කාගිසෝ රබාඩා කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ දෙවන දිනය ඊයේ වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් අතහැර දැමීමටයි පියවර ගැණුනේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...