යොවුන් ආසියානු කුසලානයට කොරෝනා රිංගයි; ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අවලංගු කෙරේ

Date:

යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(28) ආරම්භ වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අතරමගදී අවලංගු කිරීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ඒ, තරගයට සම්බන්ධ තරග නිළධාරීන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමගයි.

ඒ අනුව තරගයට එක් වූ සියලු දෙනා මේ වන විට කොවිඩ් 19 වෛද්‍ය පරීක්ෂාවන්ට යොමු කර ඇති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිපල ලැබෙන තුරු ඔවුන් හුදකලා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේ දී නිවේදනය කරන බව ද ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

අද සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් අතර තරගය අවලංගු කරන අවස්ථාව වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 32.4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...