කොරෝනා අර්බුදය හේතුවෙන් අයර්ලන්ත – ඇමෙරිකා දෙවැනි එක්දින තරගය දිනකින් කල් දැමේ

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර අද(28) ෆ්ලොරිඩාහී දී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට(29) දිනය දක්වා කල් දමා තිබෙනවා.

ඒ, ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතරින් කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සෙසු සියලු සාමාජිකයින්ට අනතුරුව කළ වෛද්‍ය පරීක්ෂණවලින් ද වෛරසය ආසාදනය වී නොමැති බව හදුනා ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ සිදු කරන වෛද්‍ය පරීක්ෂණවලින් ද ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් දෙවැනි එක්දින තරගය හෙට දිනයේ දී ද, තෙවැනි එක්දින තරගය එළඹෙන 30 වැනිදා ද පැවැත්වීමට කටයුතු කරනු ඇති.

තරගාවලියේ පළමු තරගය ද අවලංගු කිරීමට සිදු වූයේ විනිසුරුවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් වූ සෙසු විනිසුරුවරුන් තිදෙනාට සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...