එංගලන්ත හා ඔස්ට්‍රේලියානු සාමාජිකයින්ට කොරෝනා නැහැ

Date:

එංගලන්ත හා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට සිදු කළ නවතම පී.සී.ආර් වෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන අලුබදුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ දෙවැනි දිනය ඊයේ(27) නිමා වීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලිනුයි ඒ බව අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව මෙල්බර්න්හී දී පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද නියමිත වේලාවට ආරම්භ කෙරුණා.

එංගලන්ත සංචිතයට සම්බන්ධ පවුල් සාමාජිකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ආරම්භය ඊයේ මිනිත්තු 30කින් ප්‍රමාද වූ අතර, එම පසුබිම පදනම් කර ගනිමිනුයි ඊයේ දිනයේ දී සියලු සාමාජිකයින් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කෙරුණේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මීට පෙර හදුනා ගත් පවුල් සාමාජිකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් හුදෙකලා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය අද නිමා වුණේ ඔස්ට්‍රේලියාවට ඉනිමක ජයක් හිමි කර දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...