“අශ්වින් ශ්‍රී ලංකාවේ උපත ලැබුවානම්…” අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය පැවසූ අමුතු කතාව

Date:

ජීවිතය, වාසනාව හා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය තැබූ ට්විටර් පණිවිඩයක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

එම ට්විටර් පණිවිඩය වෙත මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල ද විශේෂ තැනක් හිමිව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

වාසනාව ජීවිතයට කොපමණ බලපාන්නේ ද යන්න පිළිබද අදාළ ට්විටර් පණිවිඩයෙන් අවධානය යොමු කර තිබුණා.

ඒ, සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද උදාහරණයට ගනිමින්.

මේ වන විට ටෙස්ට් පිටියේ හොදින් දක්ෂතා දක්වමින් සිටින ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්, ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරුවෙකු වන ඩොන් බ්‍රැඩ්මන් යන ක්‍රීඩකයින් පිළිබදවයි එහිදී අවධානය යොමු කෙරුණේ.

රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රී ලංකාවේ උපත ලැබුවානම්, ඔහු මුත්තයියා මුරලිදරන්ගේ ලෝක වාර්තාවට පවා අභියෝගයක් එල්ල කරමින් ඔහුගේ කඩුලු ප්‍රමාණයට සමාන කඩුලු ප්‍රමාණයක් දවා ගනු ඇති බව අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සදහන්.

එමෙන්ම ඩොන් බ්‍රැඩ්මන් අයිස්ලන්තයේ උපත ලැබුවේනම් ඔහුට කිසිදු ජාත්‍යන්තර ලකුණක් රැස් කිරීමට නොහැකි වනු ඇති බවත්, ඔහු ධීවරයෙකු පමණක් වනු ඇති බවත්, අදාළ ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...