යොවුන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට ඉන්දියාව සුදුසුකම් ලබයි

Date:

යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව අද(27) සමත් වුණා.

ඒ, ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම සමග අද පැවැති තරගයෙන් ඉන්දියාව කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.

ඩුබායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 259ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අද පැවැති තවත් තරගයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය යොවුන් කණ්ඩායම ලකුණු 21කින් පරාජයට පත් කිරීමට පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුණා.

මෙවර යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ A කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අනෙක් කණ්ඩායම වූයේ පාකිස්තානයයි.

B කාණ්ඩයෙන් බංග්ලාදේශ හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...