අලුබදුන අතරතුර එංගලන්තයේ 4 දෙනෙකුට කොරෝනා

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින එංගලන්ත සංචිතයට සම්බන්ධ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට හා පවුල් සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට හා සහාය කාර්යය මණ්ඩලයේ සෙසු සාමාජිකයින්ට සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවටයි අනාවරණය වුණේ.

ඒ අනුව දෙරට අතර මෙල්බර්න්හී දී පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සදහා තරගය අද(27) දිනයේ දී නියමිත පරිදි පැවැති නමුත්, තරග ආරම්භය මිනිත්තු 30කින් ප්‍රමාද කිරීමට සිදු වුණා.

අද දිනයේ දී එංගලන්ත කණ්ඩායමේ සියලු සාමාජිකයින් PCR පරීක්ෂණවලට මුහුණ දීමට ද නියමිත බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...