හේරත්ගේ නිරෝධායන කාලය අවසන්

Date:

නවසීලන්තයේ දී කොවිඩ් 19 ආසාදනය වූ බංග්ලාදේශ දග පන්දු උපදේශක රංගන හේරත් මේ වන විට සිය දින 14ක නිරෝධායන කාලසීමාව අවසන් කර තිබෙනවා.

ඒ අනුව ඔහුට බංග්ලාදේශ කණ්ඩායම සමග ද සම්බන්ධ වීමට අවසර ලැබී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

නවසීලන්ත තරග සංචාරයේ නිරතව සිටින බංග්ලාදේශ සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 8 දෙනෙකු ද (ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩලයට අයත්) හුදෙකලා කිරීමට පියවර ගෙන තිබුණේ ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම ගමන් කළ ගුවන් යානයේ සිටි කොවිඩ් 19 ආසාදිතයෙකු බවට පසුව හදුනා ගත් පුද්ගලයෙකුගේ සමීප ආශ්‍රිතයින් වීම හේතුවෙන්.

සෙසු සාමාජිකයින්ට ද නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසුව ද පුහුණුවීම් සිදු කිරීමට අවස්ථාව ලබා දුන්නේ එක් දිනක් පමණයි.

අනතුරුව යළිත් ඔවුන්ව නිරෝධායනය කිරීමටයි නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවර ගත්තේ.

කෙසේ වෙතත්, සියලු සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වීම හේතුවෙන් පසුගිය 21 වනදා ඔවුන්ට පුහුණුවීම් සදහා අවසර හිමි වුණා.

ඇතිව තිබූ තත්ත්වය මත පසුගිය 22 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ සංචිත අභ්‍යන්තර දෙදින පුහුණු තරගය ද පැවැත්වීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායම එළඹෙන 28 වනදා හා 29 වනදා නවසීලන්ත කණ්ඩායමක් (New Zealand XI) සමග දෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

නවසීලන්තය හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...