රාහුල්ගේ ශතකය හේතුවෙන් පළමු දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස අද(26) සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 272ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ආරම්භක පිතිකරු කේ.එල් රාහුල් ලකුණු 122 ක් හා අජින්කෙයා රහානේ ලකුණු 40 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

රාහුල් අද වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වන ටෙස්ට් ශතකයයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස මයාන්ක් අගාර්වල් ලකුණු 60කට දැවී ගියේ ලුන්ගි එන්ගිඩීගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.

අනතුරුව යොමු කළ පළමු පන්දුවෙන්ම චෙටස්වර් පුජාරාගේ කඩුල්ල ද දවා ගැනීමට එන්ගිඩී සමත් වීම විශේෂත්වයක්.

නායක විරාට් කෝලි ලකුණු 35 කට දවා ගත්තේ ද ලුන්ගි එන්ගිඩී විසින්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...