රේ එලින්ග්වර්ත් අභාවප්‍රාප්ත වෙයි

Date:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන රේ එලින්ග්වර්ත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිළිකා රෝගයක් හේතුවෙන් මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසු වුණා.

දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ එලින්ග්වර්ත් 1951 වසරේ දී සිය පළමු පෙල ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර, ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබුවේ 1983 වසරේ දී යි.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 51ක්.

සිය වසර 32ක පළමුපෙල ක්‍රීඩා දිවියේ දී ඔහු ලකුණු 24,134ක් හා කඩුලු 2,072 බිද හෙලීමට සමත්ව තිබුණා.

ටෙස්ට් තරග 61කදී ලකුණු 1,836ක් ලබා ගෙන ඇති ඔහු බිද හෙලූ කඩුලු ගණන 122ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...