චන්දිමාල් සමග සන්රයිසස් කණ්ඩායම ගිවිසුම් ගත වෙයි

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා තරග කරන සිල්හෙට් සන්රයිසස් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් තිදෙනෙකු සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, ජනවාරි 21 වනදා ආරම්භ වන එළඹෙන තරග වාරය වෙනුවෙන්.

තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) හෙට(27) පැවැත්වීමට නියමිතව ඇති අතර, ඊට පෙර සෑම කණ්ඩායමකටම දේශීය ක්‍රීඩකයෙකු හා විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග ගිවිසුම් ගත වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහ්මඩ් සමග ගිවිසුම් ගත වීමටයි සිල්හෙට් සන්රයිසස් කණ්ඩායම කටයුතු කර ඇත්තේ.

ඔවුන් ගිවිසුම් ගත වී ඇති විදෙස් ක්‍රීඩකයින් දෙදෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ද ඇතුළත්.

ඒ, නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී චන්දිමාල් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූ පසුබිමකයි.

ඔහුට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වමත් වේග පන්දු යවන්නෙකු වන ශිරාස් අහ්මඩ් සමග ද සන්රයිසස් කණ්ඩායම ගිවිසුම් ගත වී තිබෙනවා.

ඔහු නිමා වූ එල්.පී.එල් තරගාවලියේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කළා.

මේ වන විට පිළිගත් 20යි 20 තරග 5ක් පමණක් ඔහු ක්‍රීඩා කර ඇති අතර, එම සියලු තරග ශිරාස් අහ්මඩ් ක්‍රීඩා කර ඇත්තේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම වෙනුවෙනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...