තෙවැනි ටෙස්ට් තරගයටත් ඔස්ට්‍රේලියාවෙන් සාර්ථක ආරම්භයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේ පළමු දිනය අද(26) මෙල්බර්න් හී දී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් ලබා සිටියා.

ඩේවිඩ් වෝනර් ලකුණු 38කට දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වූ අතර, මර්කස් හැරිස් නොදැවී ලකුණු 20යි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන්ට මෙම තරගයේ දී ද සාර්ථක වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එංගලන්ත ඉනිමේ සියලු පිතිකරුවන් පන්දුවාර 65.1ක් තුළ දැවී ගියේ ලකුණු 185ක් ලෙස ලකුණු පුවරුව සටහන්ව තිබියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ හසීබ් හමීඩ් ලකුණු නොලබා දැවී ගිය අතර, සැක් ක්‍රව්ලි ලකුණු 12යි. ඩාවිඩ් මලාන් ලකුණු 14කට දැවී ගියා.

මෙම ඉනිමේ දී ද යම් තරමකින් හෝ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වූ නායක ජෝ රූට් ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා.

එය ඔහු ටෙස්ට් පිටියේ වාර්තා කළ 52 වැනි අර්ධ ශතකයයි.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 35ක් හා බෙන් ස්ටොක්ස් ලකුණු 25ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී නායක පැට් කමින්ස් හා නේදන් ලියෝන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මිචෙල් ස්ටක් කඩුලු 2ක් ද, කැමරන් ග්‍රීන් හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ස්කොට් බොලන්ඩ් එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 124ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...