Legends League Cricket : ආසියානු සංචිතයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6ක්

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයින් ක්‍රීඩා කරන Legends League Cricket තරගාවලියේ ආසියානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Asia Lions ලෙස නම් කර ඇති ආසියානු සංචිතයට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ඇතුළත්.

මෙම තරගාවලිය ලබන මාසයේ දී (ජනවාරි) ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය යන රටවලින් ද හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එක් විමට නියමිතව තිබෙනවා.

ඔවුන් කණ්ඩායම් තුනකට බෙදා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දියාව, ආසියාව හා ලෝක කණ්ඩායම වශයෙන්.

ආසියානු සංචිතය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ඊට නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, රොමේෂ් කලුවිතාරන, තිලකරත්න ඩිල්ෂාන් හා උපුල් තරංගයි.

Asia Lions squad:
Shoaib Akhtar, Shahid Afridi, Sanath Jayasuriya, Muttiah Muralitharan, Chaminda Vaas, Romesh Kaluwitharana, Tillakaratne Dilshan, Azhar Mahmood, Upul Tharanga, Misbah-ul-Haq, Mohammed Hafeez, Shoaib Malik, Mohammed Yousuf, Umar Gul, Younis Khan, Asghar Afghan.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...