අමෙරිකා – අයර්ලන්ත බොක්සිං දින එක්දින තරගය අවලංගු කෙරේ

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර හෙට(26) පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගය අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ, විනිසුරුවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

අමෙරිකානු කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙකුට (net bowler) ද වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය සදහන් කළේ.

විනිසුරුවරුන් සිව් දෙනාගෙන් තිදෙනෙකුටම වෛරසය ආසාදනය වී නැතත්, ඔවුන් තිදෙනාම වෛරසය ආසාදනය වූ විනිසුරුගේ සමීප ආශ්‍රිතයින් වූ බැවිනුයි පළමු එක්දින තරගයට ඔවුන්ට ද සම්බන්ධ වීමට නොහැකි වන්නේ.

තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සෙසු තරග පැවැත්වීම සම්බන්ධයෙන් හෙට(26) දිනයේ දී තීරණයක් ගැනීමට නියමිත බව සදහන්.

දෙරට අතර 20යි 20 තරග දෙකක් ද පැවති අතර, එම තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...