එංගලන්ත කණ්ඩායමට වෙනස්කම් 4ක්

Date:

ඔස්ට්‍රේලියාව සමග බොක්සිං දිනයේ දී (26) ආරම්භ වන තෙවැනි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත කණ්ඩායමට වෙනස්කම් 4ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ජොනී බෙයාර්ස්ටව්, ජැක් ලීච්, සැක් ක්‍රව්ලි හා මාර්ක් වුඩ් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ, ඔලී පෝප්, ස්ටුවට් බ්‍රෝඩ්, රෝරි බර්න්ස් හා ක්‍රිස් වෝක්ස් වෙනුවටයි.

තරගය මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් අලුයම 5.00ට ආරම්භ වීමට නියමිතයි.

පළමු තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 2-0ක් ලෙස තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

England XI for third Ashes Test:

Haseeb Hameed, Zak Crawley, Dawid Malan, Joe Root (c), Ben Stokes, Jonny Bairstow, Jos Buttler (wk), Mark Wood, Ollie Robinson, Jack Leach, James Anderson.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...