පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

Date:

ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මුහුණ දුන් පළමු තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද(23) සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 274කින් පරාජයට පත් වූයේ කුවේට් යොවුන් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 323ක් ලබා ගත්තා.

පවන් පතිරාජ ලකුණු 86ක්, රනුද සෝමරත්න නොදැවී ලකුණු 60ක් සහ චමිදු වික්‍රමසිංහ හා ශෙවෝන් ඩැනියල් ලකුණු 54 බැගින් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කුවේට් යොවුන් කණ්ඩායමට පන්දුවාර 17.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 49ක් පමණයි.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 1.3ක් යොමු කරමින් ලකුණු දෙකකට කඩුලු 4ක් දවා ගත්තා.

සදිෂ රාජපක්ෂ ලකුණු 4කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...