පිට පිට දෙවැනි වරටත් LPL ශූරතාවය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගාවලියේ දෙවැනි අදියරේ ද ශූරතාවය හිමි කර ගැනීමට අද(23) සමත් වුණා.

ඒ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලකුණු 23ක ජයක් වාර්තා කරමින්.

  • Jaffna Kings 201/3 (20)

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස් කළා.

ආරම්භක කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලා ගුර්බාස් අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 56ක්.

SLC

ගුර්බාස් ලකුණු 35(18)කට දැවී ගියේ හයේ පහර හා හතරේ පහර 3 බැගින් වාර්තා කරමින්.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක පන්දු 41කින් ලකුණු 63ක් ලබා ගත්තා. හයේ පහර 2කින් හා හතරේ පහර 8කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

දෙවැනි කඩුල්ල සදහා අවිශ්ක හා ටොම් කොහ්ලර් කැඩ්මෝර් අතර ලකුණු 63(44)ක සබදතාවයක් ද, තෙවැනි කඩුල්ල සදහා කැඩ්මෝර් හා ෂොයිබ් මලික් අතර ලකුණු 62(34)ක සබදතාවයක් ද ගොඩ නැගුණා.

කැඩ්මෝර් පන්දු 41කින් ලකුණු 57ක් නොදැවී ලබා ගත්තා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 2ක් සමගින්.

මලික් පන්දු 11කින් ලකුණු 23ක් ද, නායක තිසර පෙරේරා පන්දු 9කින් නොදැවී ලකුණු 17ක් ද වාර්තා කරමින් කිංග්ස් ඉනිමට අවශ්‍ය වේගවත් අවසානය හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සියලු පන්දු යවන්නන් පාහේ දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර, බිද වැටුණු කඩුලු 3 දවා ගත්තේ මොහොමඩ් අමීර්, නුවන් තුෂාර හා සමිත් පටෙල් විසින්.

  • Galle Gladiators 178/9 (20)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

ඉනිමට ප්‍රහාරාත්මක ආරම්යක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 21කින් වේගවත් ලකුණු 54ක් රැස් කරමින් ග්ලැඩියේටර් කණ්ඩායමට වාර්තාගත හඹා යාමක් සදහා බලාපොරොත්තු එක්කළා.

SLC

වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසි බෙන් ඩන්ක් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට වනිදු සමත් වුණා.

මොහොමඩ් හෆීස් ලකුණු 10කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 39කටත් දුවද්දී දැවී යාම්වලට හසු වීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

නායක භානුක රාජපක්ෂ ලකුණු 14කට දැවී ගියා. ධනංජය ලක්ෂාන් ලකුණු 2යි. සමිත් පටෙල් ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග හා චතුරංග ද සිල්වා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මෙවර තරගාවලියේ අවසන් තරගයට පෙර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරග තුනේම ජය හිමි කර ගැනීමට සමත්ව තිබුණේ ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

මේ අතර, තරගයේ 18 වැනි පන්දුවාරයේ දී පන්දු රකිමින් සිටියදී පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිදු හසරංගට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...