ඔස්ට්‍රේලියාව පැරද වූ කුලේගේ අවසන් පන්දුවාරය

Date:

2012 වසරේදී ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඔස්ට්‍රේලියාවේ පැවතී තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ඔබට මතක ඇති.

එම තරගාවලියේ තරග තුනකින් සමන්විත වූ අවසන් තරග වටය සදහා සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සමගින් සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

නමුත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාවට තරගාවලිය අවසන් කරන්නට සිදුවුණේ අනුශුරයන් ලෙසයි.

අද අපි කතා කරන්නේ එම තරගාවලියේ 12 වන තරගය ගැනයි.

මෙම තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති නමුත්, තරගයේ ප්‍රතිපලය තීරණාත්මක වූයේ ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට පමණයි.

ඒ, ඔස්ට්‍රේලියාව ඒ වන විටත් අවසන් තරගයට සුදුසුකම් ලබා තිබීම හේතුවෙන්.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත හොත් අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව ද, ශ්‍රී ලංකාව පරාජයට පත් වුවහොත් අවසන් මහා තරගය සදහා දී ඉන්දියාව ද සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණා.

මෙල්බන් ක්‍රීඩා පිටියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ආරම්භක පිතිකරුවන් දෙපල ලෙස පැමිණි තිලකරත්න ඩිල්ෂාන්ට හා මහේල ජයවර්ධනට සාර්ථක සබදතාවයක් ගොඩනැගීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

මහේල ලකුණු 5 කට හා ඩිල්ෂාන් ලකුණු 9 කට දැවී ගියා.

අනතුරුව පිටියේ එක් වූ කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල් සමග එක් වී තෙවන කඩුල්ල සදහා ලකුණු 123 ක අගනා සබදතාවක් ගොඩනැගීමට සමත්වුණා.

සංගක්කාර ලකුණු 64 කට හා චන්දිමාල් ලකුණු 75 කට දැවී ගියා.

ළහිරු තිරිමාන්න ලකුණු 51 යි.

සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 15 සීමාව පසුකරයෑමට ඕස්ට්‍රේලියානුවන් අවස්ථව ලබා දුන්නේ නැහැ.

ඒ අනුව පන්දුවාර පනහ අවසානයේ ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 238 ක් පමණයි.

එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසී මුල්පෙළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සාර්ථකව මෙල්ල කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය සමත්වුණා.

ඔවුන්ගේ තෙවන කඩුල්ල දැවී යද්දී ලකුණු පුවරුව දැක්වුණේ  ලකුණු 26 ක් ලෙසයි.

ශේන් වොට්සන් ලකුණු 65 ක් වාර්තා කරමින් බිඳ වැටෙමින් තිබූ ඕස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කළා.

කෙමෙන් කෙමෙන් ඉදිරියට ආ තරගය අවසන් පන්දුවාරයේදී දෙපිළටම විවෘත වුණා.

කඩුලු 9 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටි ඕස්ට්‍රේලියා පිලට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරයෙදී ලකුණු 10 ක් අවශ්‍යවුණා.

ඒ වන විට ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක් වෙමින් ලකුණු 74 ක් ලබා ඩේවීඩ් හසී කඩුල්ලේ රැදී සිටියා.

තීරණාත්මක අවසන් පන්දුවාරය නුවන් කුළසේකර ක්‍රියාත්මක කල අතර එම පන්දුවාරයේ ප්‍රථම පන්දුවෙන්ම ඩේවිඩ් හසීව දවා ගැනීමට (ඩිල්ෂාන් අතට උඩ පන්දුවක් ලබා දෙමින්) ඔහු සමත්වුණා.

ඒ අනුව ඕස්ට්‍රේලියාව පරදා ලකුණු 9 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග කඩුලු 4 ක් බිඳ හෙලූ අතර,  නුවන් කුලසේකර කඩුලු 2 ක් සහ සචිත්‍ර සේනානයක, ළහිරු තිරිමාන්න හා රංගන හේරත් අතරේ කඩුල්ල බැගින් බෙදීගියා.

තරගයේ අවසන් මොහොතේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...