කොදෙව් – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තරගාවලිය ඔක්තෝම්බර් පළමු සතියේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවැති සාකච්ඡාවකින් පසුව තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇති බව සදහන්.

කොදෙව් තරගාවලිය කල් දැමීමත් සමග ක්වීන්ස්ලන්තයේ Cazaly’s ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරගයක් යළි පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වනවා.

එම ක්‍රීඩාංගනයේ අවසන් වරට ජාත්‍යන්තර තරගයක් පවත්වා ඇත්තේ මීට වසර 16කට පෙර ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතරයි.(ටෙස්ට්)

එමෙන්ම ගෝල්ඩ් කොස්ට්හි Bill Pippen Oval ක්‍රීඩාංගනයේ ද ජාත්‍යන්තර තරග ආරම්භ කිරීම මේ හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වනු ඇති.

මේ අතර, ඔක්තෝම්බර් 11,14,17 යන දිනවලදී ඉන්දීය කණ්ඩායම ද ඔස්ට්‍රේලියාව සමගින් 20යි 20 තරගාවලියකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් – නොවැම්බර් කාලයේ දී පැවැත්වීමට මේ වන විට ගෙන ඇති තීරණය හේතුවෙන් අදාළ 20යි 20 තරගාවලිය ද කල් දැමීමට කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...