Eliminator තරගයේ දී දඹුල්ල කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්

Date:

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායක දසුන් ශානකට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය යටතේ අද(19) පැවැත්වෙන Eliminator තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථා අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ඒ අනුව කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තරගයේ දී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිරෝෂන් දික්වැල්ලට පැවරී තිබෙනවා.

මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් වටයේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වෙන Eliminator තරගය අද පස්වරු 4ට ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව රාත්‍රී 8.30ට ආරම්භ වන Qualifier 1 තරගය සදහා තරග වදින්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...