ජැෆ්නා කිංග්ස් සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා

Date:

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද ආරම්භ වන අවසන් වටයේ තරග සදහා ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවයි කිංග්ස් කණ්ඩායමේ උසස් නිළධාරියෙකු hitwicket.lk කළ විමසීමකදී සදහන් කළේ.

කිංග්ස් කණ්ඩායම කොළඹ නවාතැන් ගෙන සිටින අවස්ථාවේ දී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකින් සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇති බවත්, මේ වන විට ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගෙන් වෙන්ව සිටින බවත් සදහන්.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ට සිදු කෙරුණු ව‍ෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ජැෆ්නා කණ්ඩායමේ සියලු සාමාජිකයින් මේ වන විට ගාල්ල උණවටුන ප්‍රදේශයේ රැදී සිටිනවා.

මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් වටයේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වෙන Eliminator තරගය අද පස්වරු 4ට ආරම්භ වීමට නියමිතයි.

අනතුරුව රාත්‍රී 8.30ට ආරම්භ වන Qualifier 1 තරගය සදහා තරග වදින්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...