කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුව ඉවතට

Date:

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් එරට ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ලබන 31 වනදායින් රොජර් හාපර්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවේ ධූර කාලය අවසන් වන අතර, ඉන් අනතුරුව එම තේරීම් කමිටුවේ ධූර කාලය යළි දීර්ඝ නොකිරීමටයි ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ජනවාරි මාසයේ සිට නව තේරීම් කමිටුවක් පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කරනු ඇති.

නව තේරීම් කමිටුවක් පත් කරන තුරු ප්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් විසින් කණ්ඩායම් නායකයින් සමග එක්ව තේරීම් කටයුතු සිදු කිරීමට නියමිත බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එරට ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ජීමි ඇඩම්ස් එම ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ඇති.

රොජර් හාපර්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව 2019 වසර අවසානයේ දී පත් කෙරුණු අතර, අනතුරුව කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කළ ටෙස්ට් තරග 16න් තරග 5ක් පමණක් ඔවුන් ජය ගත්තා.

එම තේරීම් කමිටුව යටතේ කොදෙව්වන් එක්දින තරග 21කට ක්‍රීඩා කර ඉන් තරග 11ක් ද, 20යි 20 තරග 39කට ක්‍රීඩා කර ඉන් තරග 14ක් ද ජය ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...