ෂර්මා වෙනුවට උප නායකත්වය රාහුල්ට

Date:

දකුණු අප්‍රිකා තරග සංචාරයක නිරත ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස මුල්පෙල පිතිකරු කේ.එල් රාහුල් පත් කර තිබෙනවා.

ඒ, නිත්‍ය උප නායක රෝහිට් ෂර්මා පාදයක ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින්.

පුහුණුවීම් අතරතුර දී යි ඔහු මෙලෙස ආබාධයකට ලක්ව තිබුණේ.

රෝහිට් වෙනුවට ප්‍රියාන්ක් පන්චල් ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමට ද එරට තේරීම් කමිටුව පසුගියදා පියවර ගත්තා.

තරග 3 බැගින් යුත් ටෙස්ට් හා එක්දින තරගාවලි ඇතුළත් ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරය ආරම්භ වන්නේ බොක්සිං දිනයේ දී (දෙසැම්බර් 26) සෙන්චූරියන්හී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයත් සමගයි.

India’s Test squad:

Virat Kohli (C), KL Rahul (vc), Mayank Agarwal, Cheteshwar Pujara, Ajinkya Rahane, Priyank Panchal, Shreyas Iyer, Hanuma Vihari, Rishabh Pant (wk), Wriddhiman Saha (wk), R Ashwin, Jayant Yadav, Ishant Sharma, Mohd. Shami, Umesh Yadav, Jasprit Bumrah, Shardul Thakur, Md. Siraj

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...