දඹුල්ලේ ජොෂ් ලිට්ල් හදිසියේ අමෙරිකාවට කැදවයි

Date:

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ, අයර්ලන්ත කණ්ඩායම අමෙරිකානු හා බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක් ආරම්භ කරමින් මේ වන විට ෆ්ලොරිඩාහි මියාමි නගරය වෙත පැමිණ ඇති පසුබිමකයි.

අයර්ලන්ත කණ්ඩායමේ Barry McCarthy හා George Dockrell ට අයර්ලන්තයෙන් පිටත්ව යාමට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනුණු අතර, ඒ හේතුවෙන් ඔවුන් මෙම තරග සංචාරය සදහා එක් වී නැහැ.

කෙසේ වෙතත්, හුදෙකලාව සිටිය යුතු කාලයෙන් අනතුරුව හා වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වීමෙන් පසුව ඔවුන්ට යළිත් කණ්ඩායම සමග ඉදිරියේ දී එක් වීමේ අවස්ථාව පවතිනවා.

Harry Tector හා Gareth Delany යන ක්‍රීඩකයින් දෙදෙනා ෆ්ලොරිඩා ප්‍රදේශයේ මෙතෙක් රැදී සිටි අතර, ඔවුන් සංචිතය සමග එක් වීමට පෙර සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැණුනා.

ඒ අනුව ඔවුන්ට දින 10ක කාලයක් හුදෙකලා වී සිටීමට සිදු වනු ඇති.

මේ අතර, ක්‍රිකට් ක්‍රීඩක Craig Young කොවිඩ් 19 ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු වීම නිසා නිරෝධායනයට ලක් කර ඇති බැවින් මෙම තරග සංචාරයට මෙතෙක් එක් වීමට හැකි වී නැහැ.

සහාය පුහුණුකරු Gary Wilson ද තරග සංචාරය ආරම්භ කිරීමට පෙර මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇතත්, එම වෛද්‍ය වාර්තාවෙහි වැරැදි සහගත තත්ත්වයක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහු යළි වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර, එහිදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනා නොගතහොත් ඔහුට ඉරිදා දිනයේ දී අමෙරිකාව වෙත පැමිණීමට හැකි වනු ඇති.

මෙලෙස ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන ඇති බැවින් අයර්ලන්ත සංචිතය සදහා ජොෂ් ලිට්ල් කැදවීමට එරට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ද නියෝජනය කරන පසුබිමක් යටතේයි.

අයර්ලන්තය හා අමෙරිකා එක්සත් ජනපදය අතර එළඹෙන 22 වනදා සිට 20යි 20 තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව කැරබියන් දූපත්හි සංචාරයක නිරත වන අයර්ලන්ත කණ්ඩායම එහිදී කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරග 3ක් හා 20යි 20 තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...