Eliminator හා Qualifier 1 තරග ආරම්භ කරන වේලාව වෙනස් කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය යටතේ හෙට(19) පැවැත්වීමට නියමිත තරග දෙකෙහි ආරම්භක වේලාවන් සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව හෙට පැවැත්වෙන පළමු තරගය වන Eliminator තරගය පස්වරු 4 ට ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

හෙට පැවැත්වෙන දෙවැනි තරගය වන Qualifier 1 තරගය රාත්‍රී 8.30ට ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මීට පෙර එම තරග දෙක ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පිළිවෙලින් පස්වරු 3ට හා රාත්‍රී 7.30ටයි.

අවසන් වටයේ සියලු තරග පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

Qualifier 1 තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත අතර, කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම Eliminator තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...