බංග්ලාදේශ කණ්ඩායමට පුහුණුවීම් අත්හිටුවන්නැයි නවසීලන්තයෙන් නියෝග

Date:

නවසීලන්ත තරග සංචාරයක නිරත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එළඹෙන 21 වනදා දක්වා පුහුණුවීම් කටයුතු සිදු නොකරන ලෙසට නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කර තිබෙනවා.

ඒ අනුව සියලු සාමාජිකයින්ට යළි නිරෝධායනයට ලක් වීමටයි මේ වන විට සිදුව ඇත්තේ.

බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු රංගන හේරටත්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගන්නට ඇති බවටයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

නවසීලන්ත තරග සංචාරයේ නිරතව සිටින බංග්ලාදේශ සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 8 දෙනෙකු (ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩලයට අයත්) මීට පෙරම හුදෙකලා කිරීමට පියවර ගත්තේ ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම ගමන් කළ ගුවන් යානයේ සිටි කොවිඩ් 19 ආසාදිතයෙකු බවට පසුව හදුනා ගත් පුද්ගලයෙකුගේ සමීප ආශ්‍රිතයින් වීම හේතුවෙන්.

සෙසු ක්‍රීඩකයින් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් නිරෝධායනයෙන් පසුව පසුගිය 16 වැනිදා පුහුණුවීම් සදහා එක්ව තිබුණා.

නමුත්, අනතුරුව ඔවුන්ට පුහුණු කටයුතු අත්හිටුවන ලෙසටයි නවසීලන්ත සෞඛ්‍ය බළධාරීන් විසින් දැනුම් දී ඇත්තේ.

ඒ අනුව ඊයේ(17) දිනයේ දී බංග්ලාදේශ කණ්ඩායම පුහුණුවීම් කටයුතුවල නිරත වී නැහැ.

ඇතිව තිබෙන නවතම තත්ත්වය මත ලබන 22 වනදා ආරම්භ වීමට නියමිත සංචිත අභ්‍යන්තර දෙදින පුහුණු තරගයේ ද වෙනසක් සිදු විය හැකියි.

නවසීලන්තය හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...