ලබුෂේන් හා වෝනර්ගේ සුපිරි පිතිහරඹය හමුවේ එංගලන්තය පළමු දිනයේ දී ම පසුබසියි

Date:

ඔස්ට්‍රේලියා – එංගලන්ත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අද(16) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 221ක් ලබා සිටියා.

මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 95ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ පන්දු 275කට මුහුණ දී හතරේ පහර 7ක් සමගින්.

ඔහු ලබා දුන් උඩ පන්දු දෙකක් රැක ගැනීමට කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ට නොහැකි වීම විශේෂත්වයක්.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 18ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 4කට සීමා වුණේ මර්කස් හැරිස් ලකුණු 3කට දවා ගැනීමට ස්ටුවට් බ්‍රෝඩ් සමත් වීමත් සමගයි.

අනතුරුව ඩේවිඩ් වෝනර් හා මර්නස් ලබුෂේන් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 172ක සබදතාවයක් ගොඩ නැගුවා.

එම සබදතාවය බිද වැටුණේ බෙන් ස්ටොක්ස් යොමු කළ පන්දුවකට ස්ටුවට් බ්‍රෝඩ් අතට ඩේවිඩ් වෝනර් විසින් උඩ පන්දුවක් ලබා දී දැවී යාමත් සමගයි.

ඒ වන විට වෝනර් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 95ක්. පන්දු 167කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත්.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ද ශතකය පෙනි පෙනී ඩේවිඩ් වෝනර් දැවී ගියේ ලකුණු 94කටයි.

Previous article
Next article

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...