බෙයාර්ස්ටව්ගේ දැවීයාම විනය විරෝධීව සැමරූ වේග පන්දු යවන්නාට දඩුවම්

Date:

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල්ට දඩුවම් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු එංගලන්තයට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට දඩුවම් ලකුණක් ද ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර ඇති බව සදහන්.

එංගලන්ත ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී ජොනී බෙයාර්ස්ටව් දැවී යාමෙන් පසුව නුසුදුසු භාෂාව යොදා ගනිමින් විනය විරෝධී ලෙස හැසිරුණු බවට ජොෂ් ලිට්ල්ට චෝදනා එල්ල වුණා.

එම වරද සහ තරග තීරකවරයා විසින් පනවනු ලැබූ දඩුවම ඔහු විසින් පිළිගත් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...