කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් වෙයි

Date:

2022 වසරේ නවසීලන්තයේ දී පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මාර්තු 4 වැනිදා ආරම්භ වන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ නවසීලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තරගය මාර්තු 5 වැනිදා ද, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය මාර්තු 6 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

රටවල් 8ක් තරග වදින මෙවර ලෝක කුසලාන තරගාවලිය දින 31ක් පුරා පැවැත්වෙන අතර, පැවැත්වීමට නියමිත සියලු තරග ප්‍රමාණය ද 31ක්.

ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත්තේ 2017-20 කාලයට අයත් අයි.සී.සී කාන්තා ශූරතාවලියේ ස්ථාන මත පදනම්වයි.

නවසීලන්තය තරගාවලියේ සත්කාරක රට වීම හේතුවෙන් ඔවුන් සෘජුව තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

බංග්ලාදේශය, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් එක්දින ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් අතර, ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...