කෝලි සියලු මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරයි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා තමා ක්‍රීඩා කරන බව ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පවසනවා.

ඒ, ඔහු අදාළ තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත්, ඊට අදාළ ඉල්ලීමක් ඉන්දීය ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවටත් පල වන ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින්.

දකුණු අප්‍රිකා සංචාරය සදහා පිටත්ව යාමට පෙර මුම්බායි හී දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෝලි මේ බව කියා සිටියා.

මේ වන විට එරට 20යි 20 කණ්ඩායමේ මෙන්ම එක්දින කණ්ඩායමේ ද නායකයා ලෙස පත් කර ඇත්තේ විරාට් කෝලි වෙනුවට රෝහිට් ෂර්මා.

එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් කෝලි ඉවත් කිරීමේ සිද්ධිය පිළිබද විවිධ මාධ්‍ය වාර්තා පසුගිය දිනවල පලවූ අතර, එම නව පත් කිරීම සම්බන්ධයෙන් තේරීම් කමිටු රැස්වීමට පැය එකහමාරකට පෙර තමාව දැනුවත් කළ බවයි කෝලි සදහන් කළේ.

“ටෙස්ට් සංචිතයේ තේරීම්වලට පැය එකහමාරකට පෙර මාව සම්බන්ධ කර ගත්තා. තේරීම් කමිටු ප්‍රධානියා මා සමග ටෙස්ට් සංචිතය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. දුරකතන ඇමතුම අවසන් වීමට පෙර මට කීවා තේරීම් කමිටු නිළධාරීන් පස් දෙනා තිරණය කරලා තියෙනවා කියලා මම තවදුරටත් එක්දින කණ්ඩායමේ නායකයා නෙවෙයි කියලා. මේ ගැන කලින් සන්නිවේදනයක් වෙලා තිබුණේ නැහැ”

යනුවෙන් විරාට් කෝලි කියා සිටියා.

දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය එළඹෙන 26 වනදා බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස සෙන්චූරියන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...