දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්තය නම් කරයි

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(15) ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව එම සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරගයට ක්‍රීඩා නොකළ ස්ටුවට් බ්‍රෝඩ් ද සංචිතයට ඇතුළත්.

වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් මෙම තරගයෙන් විවේක ගන්වා තිබෙනවා.

අවසන් 11 දෙනාගේ කණ්ඩායම තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට(16) මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ඇඩිලේඩ් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

England Squad for 2nd Ashes Test:

Joe Root (c), Jimmy Anderson, Stuart Broad, Rory Burns, Jos Buttler, Haseeb Hameed, Jack Leach, Dawid Malan, Ollie Pope, Ollie Robinson, Ben Stokes, Chris Woakes.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...