මෙන්ඩිස් හා චාමික අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව මෙන්න

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් වෙමින් පවතිනවා.

තරගාවලිය පුරා පිතිකරුවන්ගේ සුවිශේෂී ඉනිම්, විශීෂ්ඨ පන්දු යැවීම් මෙන්ම සුවිශේෂී පන්දු රැකීම් ද දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වූ බව නොරහසක්.

ඒ අතරතුර ඇතැම් අවස්ථාවලදී ක්‍රීඩකයින් ක්‍රීඩකයින් අතර යම් උණුසුම් වචන හුවමාරු ද දැක ගත හැකි වුණා.

නවීන් උල් හක් හා තිසර පෙරේරා අතරත්, නවීන් උල් හක් හා චාමික කරුණාරත්න අතරත් මීට පෙර එවැනි උණුසුම් වචන හුවමාරු සිදු වූ බව ඔබට මතක ඇති.

එවැනි සිදු වීමක් අද(14) රාත්‍රියේ ආරම්භ වූ මෙවර තරගාවලියේ 16 වැනි තරගයේ දී දැක ගත හැකි වුණා.

මෙවර එලෙස උණුසුම් වචන හුවමාරුවක නිරත වුණේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ චාමික කරුණාරත්න හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් අතරයි.

ගාලු කණ්ඩායම පිතිකරණයේ නිරත වෙමින් සිටින අවස්ථාවක චාමික කරුණාරත්න යොමු කළ පන්දුවක් හමුවේ පහරක් එල්ල කළ කුසල් මෙන්ඩිස් ලකුණු දෙකක් කරා දිව ගියා.

එම අවස්ථාවේ දී යි චාමික හා මෙන්ඩිස් අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදු වුණේ.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...