කොදෙව්වන්ගේ සටන අපතේ යවමින් පාකිස්තානය තරගාවලිය ජය ගනියි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(14) සමත් වුණා.

දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් පාකිස්තානය ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි පාකිස්තානයට තරගාවලියේ ජය හිමි වුණේ.

කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 38ක් ද, ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 32ක් ද, හෙයිදර් අලී ලකුණු 31ක් ද රැස් කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

වේගවත් පිතිහරඹයක නිරත වූ ශඩාබ් ඛාන් පන්දු 12කින් ලකුණු 28ක් නොදැවී ලබා ගත්තේ හයේ පහරවල් 3ක් ද සමගින්.

පන්දු යැවීමේ දී ඔඩියන් ස්මිත් ලකුණු 24කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 163ක් පමණයි.

බ්‍රෙන්ඩන් කින්ග් පන්දු 43කින් ලකුණු 67ක් රැස් කරමින් කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්හාසයක නිරත වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

Romario Shepherd නොදැවී ලකුණු 35යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 26කට කඩුලු 3ක් බිද හෙලුවා.

මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම් හා හැරිස් රවුෆ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...