දඹුල්ල පරදා ගාලු කණ්ඩායමත් අවසන් වටයට සුදුසුකම් ලබයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 9ක තියුණු ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 14කට සීමා කෙරුණා.

ඒ් අනුව පිටියට පිවිසි ගාලු කණ්ඩායම නියමිත පන්දුවාර 14 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණූ 134ක් රැස් කරමින්.

කුසල් මෙන්ඩිස් ලකුණු 35ක්, භානුක රාජපක්ෂ ලකුණු 33ක් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීෙම් දී ඉම්රාන් තහීර් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 14 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

ජනිත් ලියනගේ ලකුණු 51ක් හා පිල් සෝල්ට් ලකුණු 41ක් ලබා ගත්තා.

පන්දු යැවීෙම් දී සමිත් පෙටල් හා ඉසුරු උදාන කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ජයත් සමග ගාලු කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ද සමත් වුණා.

ජැෆ්නා කිංග්ස් හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් ද මේ වන විටත් තරගාවලියේ  අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...