ජැෆ්නා කිංග්ස් LPL තරගාවලියේ අවසන් වටයට

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

ඒ, තරගාවලියේ 14 වැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙම තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ආරම්භ වුණේ රාත්‍රී 8.15ටයි.

කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 14.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 69ක් පමණයි.

එල්.පී.එල් ඉතිහාසයේ දී කණ්ඩායමක් ඉනිමක දී රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි එය වාර්තා අතරට එක් වුණේ.

පිල් සෝල්ට් ලකුණු 23ක් හා තරිදු රත්නායක ලකුණු 14ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 16කට කඩුලු 4ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 21කට කඩුලු 3ක් ද බිද හෙලුවා.

වනිදු හසරංග, ෂොයිබ් මලික් හා අශේන් බණ්ඩාර එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 9.2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.(71/3)

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි වනිදු හසරංග ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පන්දු 18කින් ලකුණු 37ක් ලබා ගත්තා.

හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 22යි.

පන්දු යැවීමේ දී ඉම්රාන් තහීර් කඩුලු 2ක් හා ජොෂ් ලිට්ල් එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...