LPL ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවට දඹුල්ල දැවී යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමක දී රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමට අද(13) සිදු වුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ දී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙවර තරගාවලියේ 14 වැනි තරගයේ දී යි ඔවුන් එලෙස වාර්තාගත ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ.

මෙම තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ආරම්භ වුණේ රාත්‍රී 8.15ටයි.

කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 14.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 69ක් පමණයි.

පිල් සෝල්ට් ලකුණු 23ක් හා තරිදු රත්නායක ලකුණු 14ක් රැස් කළ අතර, සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 16කට කඩුලු 4ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 21කට කඩුලු 3ක් ද බිද හෙලුවා.

වනිදු හසරංග, ෂොයිබ් මලික් හා අශේන් බණ්ඩාර එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...