වර්ෂාව මැද කිංග්ස් පිලට කඩුලු 7ක ජයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(12) සමත් වුණා.

ඔවුන් හමුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් වොරියස් ඉනිමට වර්ෂාවෙන් විටින් විට බාධා එල්ල වුණා.

පන්දුවාර 12.2ක් අවසානයේ ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 94ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් අනතුරුව වොරියර්ස් කණ්ඩායමට යළි පන්දුවට පහර දිමේ අවස්ථාවක් හිමි වූයේ නැහැ.

චරිත් අසලංක නොදැවී ලකුණු 44ක් ලබා ගත් අතර, අහ්මඩ් ෂෙසාඩ් ලකුණු 22 ක් රැස් කළා. මිනෝද් භානුක ලකුණු 20යි.

පන්දු යැවීමේ දී වහබ් රියාස් හා ෂොයිබ් මලික් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කිංග්ස් කණ්ඩායමට හිමි වූ ඉලක්කය පන්දුවාර 10කදී ලකුණු 95ක්.

ඔවුන් එම ඉලක්කය පන්දුවාර 8.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී පසු කර ගියා.

උපුල් තරංග ලකුණු 13ක් ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 23ක් ද, ටොම් කොහ්ලර් කැඩ්මෝර් ලකුණු 12ක් ද රැස් කිරීමට සමත් වුණා.

නායක තිසර පෙරේරා පන්දු 13කින් නොදැවී ලකුණු 29ක් හා ෂොයිබ් මලික් නොදැවී ලකුණු 14ක් ලබා ගනිමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, සචිදු කොළඹගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...