LPL තරගාවලියේ දිගම හයේ පහර චන්දිමාල්ගෙන් ( වීඩියෝ )

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවෙකු මෙතෙක් එල්ල කළ දැවැන්තම හයේ පහර එල්ල කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් අද(12) සමත් වුණා.

ඒ, තරගාවලියේ 13 වැනි තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා කෙරුණා.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 18 අවසානය‍ේ කඩුලු 7ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

ආබාධය සුව වීමෙන් පසුව මෙවර තරගාවලියේ දී පළමු වරට තරග බිමට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස්, ස්ටාර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පැමිණීම විශේෂත්වයක්.

ඔහු පන්දු 57කින් ලකුණු 73ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින්.

ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් චන්දිමාල් පන්දු 14කින් වේගවත් ලකුණු 36ක් ලබා ගත්තා.

හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

චන්දිමාල් විසින් ඉසුරු උදාන යොමු කළ පන්දුවකටයි මෙවර තරගාවලියේ දිගම හයේ පහර එල්ල කිරීමට සමත් වුණේ.

එම හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 105ක් වශයෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...